banner
index_02
 

Untitled Document
බස්නාහිර පළාත තුල සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරීම හා විවිධ පීඩාවන් නිසා අසරණභාවයට පත් වු ජන කොටස් වලට මෙන්ම රැකවරණය අහිමි වී අනාථභාවයට පත් වු ළමා පරපුරට සරණ විම හා පුනරුත්ථාපනය කිරිම ද කාන්තාවන් සවිබල ගැන්වීම තුලින් සමාජ සුරක්ෂිතභාවයට හා සමාජ සුබසාධනයට උපරිම දායකත්වයක් සැපයිම.
1. රෝග ප්‍රතිකාර හා රෝග නිවාරණ අංශයන් කාර්යක්ෂමව පවත්වාගෙන යාම තුළින් ප්‍රමාණාත්මක හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් ව්‍යාප්ත කිරීම.

2. ‍දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ප්‍රචලික කිරීම සඳහා ආයතනික සේවා පුළුල් කිරීමෙන් හා ඖෂධ නිශ්පාදනය හා ඔසු වගාව වැඩි දියුණු කිරීමෙන් දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයට දේශීය හා විදේශීය ජනතාව නැඹුරු කිරීම.

3. ජෞෂ්ඨ පුරවැසියන්ගේ රැකවරණය හා සුරක්ෂිතභාවය සහතික කිරීම, අයාලේ ගිය කාන්තාවන් පුනරුත්ථාපනය කිරිම තුළින් ඔවුන් යහපත් කාන්තාවන් ලෙස සමාජගත කිරිම හා විවිධ හේතුන් මත අසරණභාවයට පත් වුවන්ට මුල්‍යමය හා ද්‍රව්‍යාධාර වලින් සහන සැලසීමෙන් සමාජ සුබසාධන සේවාවන් ව්‍යාප්ත කිරීම.

4. අනාථභාවයට හා විවිධ අපයෝජනයන්ට ලක් වු දරුවන් යහමගට යොමුකර ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා ළමාරක්ෂක සේවාවන් ව්‍යාප්ත කිරීම.

5. කාන්තාවන්ගේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය පුහුණුව ලබා දීම, උපදේශනය සහිතව තාක්ෂණය හදුන්වා දීම හා සවිබල ගැන්වීමට අදාල කාර්ය ක්‍රියාත්මක කිරීම.

බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ඉදි කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍ර#

wpc-health